වැරහැලි ගොමස්කඩ
මුවා කොට සිඟිති ගත
එනමුදු පෙනෙයි විනිවිද
නිල්මිණි දෙනයනේ අහිංසක බැල්මෙන්
පවසයි දහක් දේ නුඹ නුඹ ගැනම
සල් පිල් වල නෙක අරුමෝසම්
රස කැවිලි රස නහර පිනා යන
සීතලට ලබන්නට උණුසුම
විල්ලුද බුමුතුරුනු නොව
නුඹ පතන සොයන ඉල්ලන දේ
පාන් කැබැල්ලක් සමග
තේ කහට උගුරක්
කෙලෙස පිටුපා යම්ද
මා ද පියෙකි ඔබ හා සරි
දුවකු සිටින ~~~~~
2 comments:
කෙලෙස පිටුපා යම්ද
මා ද පියෙකි ඔබ හා සරි
දුවකු සිටි... හ්ම්ම් දුකම කවිය
කවියා මොවුන්ගේ දුප්පත්කම පෙන්නුම් කිරීමට " වැරහැලි ගොමස්කඩ " යන වචන දෙකම භාවිතා කිරීමෙන් අන්ත අසරණ කම පෙන්වා දෙයි
Post a Comment