බණ පදයක් මෙන් සුන්දර සිතක ලැගුම් ගෙන 
පිරිත් පොත තරම් පිවිතුරු සෙනේ පුදන්නට
පිච්ච මලක් සේ සුමධුර බුදු හිමි පාමුල
පරවී යන්නට දෙනු මැන හද පුදසුන මත

සංසාරේ මා පැතුව නිර්මල සෙනෙහස
ඔබ මා වෙත පුද දුන්නේ කල්ප කලක් දුර
යශෝදරා සිධාර්ථ උතුමන් පැතු ලෙස
මම පතනවා සසර පුරා ඔබ මගේ වෙන්නට

1 comments:

සබීනා said...

සරලයි අර්ථවත් ..ඔබට සුබ පැතුම් මල්ලි

Post a Comment

Back to Top