2
තුරුණු විය එකළු කල මතක සැමරුම් අතර 
නතර වී හද දවන මගෙ දිළිඳු හිත ගාව
අපේ පෙම් කතාවේ අයනු ආයනු දන්න
පරණ ලී බැංකුවත් අසරණයි මා මෙන්ම 

විහඟ ගී වියැකිලා තුරු ගොමුත් මැලවිලා
කොළ වැටුණු පියගැටෙහි කිසිවෙකුත් නෑ ගියේ
අඳුර ඇත රජවෙලා ගිම්හානේ සිහිවෙලා
සිල් ගත්තු උයන් තෙර වල් වැදී සැඟවිලා

මතක මන්දිර දොරින් අවැසි මුත් පිට වෙන්න
හිතට ගින්දර තියන් කොතැන නම් සැඟ වෙම්ද
මගේ සුන්දර විලේ සත් පියුම් පුබුදන්න
එන්න පින්බර බිමක පැතුම් මල් වපුරන්න 

2 comments:

සබීනා said...

සිත් ගන්නාසුළු යථාර්තය ..අගෙයි

Dayani said...

මතක මන්දිර දොරින් අවැසි මුත් පිට වෙන්න
හිතට ගින්දර තියන් කොතැන නම් සැඟ වෙම්ද

Post a Comment

Back to Top