0

නව වසරේ පැතුම


0

ඔබ මට

දියතේ විසිරෙන මේඝ වළාවක
උණුසුම කැටි කල හිරු රැස් දහරක 
එක්වී කැළතී ලොව පොබයන සඳ
සිත කුල්මත් කල උදාසනකි සොඳ 

තුරුහිස ගැයෙනා විහඟ ගීතයක
පවනේ සැලෙනා ලතා මඩුල්ලක
රොන්සුණු තැවරිණ මඳනල ‍රැල්ලක
සුගායනය රිද්මය මුසුවී ඇත

වසන්ත අහසේ ඇඳෙන රටාවක
සුදු මුදු සුසිනිඳු මිහිදුම් සළුවක
එතිලා ඔබ එන සීතල උදයක
සුන්දර දසුනක් වෙයිද තවත් මට ..
0

ඔබ සැමට සුබ නව වසරක් වේවා ~


0

තරුව නුඹ

නුඹ සිකුරු තරුවක්ව පෙරඹරින් පායලා
හිත කියයි ලංවෙන්න නෙතු අගින් බල බලා 
හිත සැලෙයි නෙතු දිලෙයි නුඹේ රුව සොය සොයා 
පීද ආ කැකුළු පෙම හිත තුලම ගුලිවෙලා 
දුරක හිඳ බලන මුත් නුඹේ රුව හැංගිලා 
ලං නොවෙමි කිසි දිනක නුඹේ උණුසුම සොයා 
දුර අහසේ රඳන්නට හිතේ බර වැඩි නිසා 
වෙන්ව යන නිමේෂය දැන් ඉතින් එළඹිලා ...
0

දම්පාට ..

නෙත් මායිමේ පායන්න දම්පාට තරුවක් වෙලා 
නබෝ සළුපට වෙලා.. ලං වෙන්න හැඟුමන් සලා 
දේදුන්න වෙත යන්න තවරන්න දම්පාට 
ඔබ මාගේ මා ඔබේ ලියමු අපි අම්බරේ පුරා 

සඳ සිසිල විඳ ගන්න තරු නෙතු වසා එන්න 
දම්පාට හැන්දෑව වෙලා.. මුමුනන්න ගීතයක් වෙලා
මා ලඟම ගැවසෙන්න තවරන්න මට පාට
සංසාරේ මතුදාක පැතු හීන පවසන්න සවනත පුරා
0

සමනල පැතුම

හෙට අළුයම විකසිත වන මල් කැකුලි
අද දවසේ කීම වැටුනේ නුඹ පරවී
රාස්සිගේ අව්වෙන් පසු මම දුටුවේ 
දළ විස කටු පහර වැදී පෙති විසිරී

රුවට රුවින් අගතැන්පත් ඔබ කුමරී
සුවඳ ගලා කුල්මත් කල මහද විලේ
බඹර කුළේ විෂ බඹරුන් බමන වෙලේ
මම කෙසේද උන් සමගින් සතුරු උණේ

නුඹත් මමත් අද සැතපෙන පොලොතලේ
මගේ තටු මත නුඹ මියෙනා දකිනු කෙසේ
බඹර තුඩින් ලද හදවත් රුහිරු වලින්
වෛර නොකර යලි හමුවෙමු මතු භවයේ ...
0

එදා ඔබ

පිපී හිනැහුණු මලේ හැටි අද
මටම ඇස් අදහන්න බෑ
එදා ඔබ දුටු විට සිනාසුන 
හදේ රිද්මය වෙන්න බෑ ...

නෙතේ කඳුළැලි බර දරාගෙන 
බිම බැලූ නෙත මට කියනු බෑ
කෙසේනම් එය මම කියන්නද
මගේ දැහැනින් මා මුදනු බෑ ..

සදාකාලික දෙයක් නොම බව
මගේ සිත වෙත බල කරනු බෑ
ඔබෙන් උදුරා ගෙන ගියත් ඒ
සොඳුරු රුව අමතක කරනු බෑ ..

එදා දෑතට දෑත පටලා
කෙරු සක්මන් අද කරනු බෑ
වියපත්ව ගිය අප දෙදෙන ගැන
කියන දේ අදහන්න බෑ ..
0

වැස්ස සහ නුඹ

පිනි පොද වැහි බිංදු එකිනෙක විත්
අතීතය පාරා මුළු හදම රිදවා යද්දිත්
ඔබ සිටියා නම් මේ නපුරු වැහි බිඳුත්
වේවි මට මල් වැහි ඔබේ උණුහුමටත්

මහා මුරුගසන් වරුසාවේත්
වැහි බිඳිති ඔබ ළඟටම විත්
ඔබේ සිරුරේ හැපී විසිරෙත් 
නොදෙයි මගේ වත සිඹින්නට වත් 

මේ මහා වැහි මැද වී සිතුවිල්ලකවත් 
එති එන්නට හැකි නම් මොහොතකටවත් 
දැවටී දැවටී ඉන්නට ඔබ සිතේවත් 
පින් මඳයි මට දුර වැඩියි ඒ සිහිනෙටවත් ~
0

නුඹ

හිතට ආපු හැම සිතුවිල්ලක්ම
නුඹට කීවා නම්
නුඹ තාමත්
මං ගාව.....
0

අරමුණක්

අරමුණක් නැති අරමුණක් 
සොයා නිමක් නැති ගමන අතරමග
දෑස මානයේ හමුවුණු
හැම අම්බලමක් ළගම 
නැවති මා සොයන අරමුණ ..

කවදා කෙලෙසකවත් මසිත
මෙල්ල කරන්න වැයම් නොකලාට
සිතිවිලි මෙල්ලකොට ....
අයාලේ යන අරමුණ අරමුණක් කරා
පැදකුණු කරන්න මාවත ...
පෙන්නු නුඹ ...

යදමින් බැඳ සිරකොට තබා ගත් හදවත
කොයිතරම් හිර කරත් සිතිවිලී
පිටාර ගලන හැඟුමන් කොටු කරන්න
ඔය හිතුවන්කාර ඇස් දෙක ළඟ
නොහැකි වුනු මම අසරණ වූ තරම්
ඉසිඹුවක් ඇසිල්ලෙන් කෝලිත්තම්
දඟ සිනා ළඟ මා සිත
නුඹට අවනත වූ තරම් ..අරුමයක්

ජීවිතේ කාලයක් පන්හිඳයි පත් ඉරුයි
වුනා සිය ජීවිතේ ...
කාලයේ වැලිතලා යටකලා කවි සිතම
අමතකව වල් වැදුණු සොඳුරු ඒ සිත් ගොමුව
යලිත් මල් පුබුදන්න දිය බිඳක් විය නුඹම

තද කරන් පියාගෙන දෑස් තුල දඟ කරන
මට හොරෙන් ගලා යන කඳුලක පහස
සීතලට දැණුනු විට කම්මුලට ...
මගේ හිතට වදන් නෑ කියා දෙන්නට නුඹට
මට නැතත් මගේ හිත ...
නුඹට ආදරේ තරම ...
0

සමනලියන්

අත වැනුවට
සමනලියන් 
නුඹ නැති මගෙ
හිත අද්දර
පෙම් කවී නම්
ලියන්න බැහැ
වෙන සමනලියන් 
එක්කලා ...
0

මත් මල්

මත් මල් සේනා හිත වට ගවසා 
සිත් පිත් මයා රැහැනින් සනසා
නේක වර්ණ රැස් මුවගින් පවසා 
බමන මතින් හිස් සඟවයි මිනිසා
0

අම්මා

දරා දසමස් කුසේ බැඳගෙන
තවත් බර නුඹේ පිටේ බැඳගෙන
දෙවා සෙනෙහස නොමා කිරමින
පුතේ නුඹමයි මගේ දිනමිණ

දිනක වැඩ ටික පමා නොකරම
සතොස් සිත්අග දිනක ඇරඹුම
තනිත් නොතනිත් නුඹේ මුව අග
කීරි සිනාවයි මගේ සැනසුම

දවස වෙහෙසී නිවස සිරිසැප
සොයා එන නුඹේ පියා සැනසුම
ආදරේ කැටි කරන් නිවසම
ජීවිතේ අපි ගෙවමු සරලව
0

ගිලිහුන මල

නේක දනන් පලි දැරුවේ වඳ මුසල බවයී නිබඳ
ගැබ්බර දා නුඹට දුන්නු ගරු බුහුමන් අනෙක විද
ගස නුඹ මල් වරණ දිනේ මා පිපිලා සුවපත් කල
ආත්මයෙන් පලවාහැර සතුටු වෙන්න සිතක් වීද .. ?

උන්නුදා ඔබ

හිරු සමුඅරන් තව දිනක් ගෙවී 
ක්ෂිතිජ ඉම වැද සැඟ වෙනා 
හිරු මිලින වී ගියත් දිනකට 
යලිත් හෙට හිරු පායනා ~

උන්නුදා ඔබ ලඟින් හිරු සේ 
එලිය වී මගේ ලොව පුරා
සනාතන පැතුමකි පැහැසර
සඳු නොවේ ඔබ හිරු කියා ~

බැස ගියා හිරු නැවත එන්නට
එහෙත් ඔබ නෑ නැවත එන්නේ
අඳුරු ලොව තුල මාව තනිකර
මගෙ ලොවේ හිරු බැස ගියා ~

තනි වූ අප

දැනෙනා පාළුව හදකොනේ 
සඟවා හිනැහෙනු බෑ සෙනේ
සමනල් හීනෙක සඟවලා 
සමුගෙන යන්නට ඔබ ගියා

භවයෙන් භවයට හමුවෙලා 
අද අපි දෙතැනක තනි වෙලා
හදවත බිඳිලා දැනෙන වේදනා
දරා ගන්න හැටි ඔබ නෑ ....දන්නේ

පාරමිතාවක පැතුම් සතපලා
ඔබටම පිදු මගේ සිත් මඬලේ
කිලිටි කළා මගේ ආදර සිත් මල
සදහට සමු ගෙන ඔබෙන් ....යන්නේ
0

උමං මග

u

කොටු බැම්මේ උඩ පහල
එල්ලගෙන බයිනෙත්තු
කන්දෙකත් වැහෙන්නම
රතු තොප්පි දාගත්තු

ඉංගිරිසි හේවායෝ
අසුන් උඩ නැගගත්තු
උඹලා ගැන දුකක් මිස
තරහා නෑ හෙළ පුත්තු

මුර කපොලු එකින් එක
බිඳ හෙලා ජය ගත්තු
උඩ රටින් අපි ආවේ
දැනගෙනයි හොඳ ඔත්තු

උමං මග කොටුවටයි
එකෙක් නෑ පැනගත්තු
සිංහලේ මව් බිමේ
හෙළ දරුවෝ ජයගත්තු
 
0

දෙරටක සිට

දෙරටක තනි වෙලා අප සුසුම් හෙලන හැටි 
කදුලු වෙලා මගේ නෙතින් ගලලා යන හැටි
වටහා ගන්න බැහැ තවමත් හෙට ගැන හරි හැටි

කවදද අප අත් පටලන් දොඩමලු වෙන හැටි ...
0

මාවත

මටසිලුටු මාවතේ පැමිණි දුර නිමාවේ
මෙතැන් සිට ගමන් මග දුෂ්කරයි දුක්බරයි
දිරිය ගෙන ඇරඹුවොත් යා හැකිය නිමාවට 
පටන්ගත් ක්ෂණයකින් වැරදුනොත් පැරදීම ~

කටු කොහොල් එමට ඇති නුඹට තව ඉවසන්න 
ජීවිතේ රළු ගමන දුක සතුට එක සේම
ඉවසාන දරාගෙන ජය කනුව වෙත යන්න
වසන්තය පල දරයි සුබ පැතුම් නුඹ දිනුම් ~
0
මන්දාරම් අඳුර ගලා 
සිතල ඇත මසිත වෙලා 
පහන් සිතක නැවුම් හැඟුම් 
සඟවා ගෙන අලස වෙලා 

දුරුතු සීත ගත දවටා 
සිතත් ඊට පුරුදු වෙලා
යන්නට හැකිනම් ගම රට
සැනෙකින් මට ඉගිල්ලිලා ~~
2
මදනලට හාදු දී මොනවදෝ - පවසන්නේ 
බඹරුන්ට සිපගන්න තහනම්ද - සැඟවෙන්නේ
තුන්හිතක අමනාප නෑ නුඹට - අඟවන්නේ 
රන් පාට සමනල්ලු විත් මලේ පැණි - බොන්නේ
බණ පදයක් මෙන් සුන්දර සිතක ලැගුම් ගෙන 
පිරිත් පොත තරම් පිවිතුරු සෙනේ පුදන්නට
පිච්ච මලක් සේ සුමධුර බුදු හිමි පාමුල
පරවී යන්නට දෙනු මැන හද පුදසුන මත

සංසාරේ මා පැතුව නිර්මල සෙනෙහස
ඔබ මා වෙත පුද දුන්නේ කල්ප කලක් දුර
යශෝදරා සිධාර්ථ උතුමන් පැතු ලෙස
මම පතනවා සසර පුරා ඔබ මගේ වෙන්නට

නිමක් නැති මරු කතර
තෙරක් නැති සයුරු රල 
මහා ඝන වනයේද 
මග දිග ද  සැම තැනම 
සෙවූවෙමි මං මාව ....


පය ගැටෙන වැලි ගානේ  
මල් තුහින පෙති ගානේ 
ගඟක දිය බිඳු ගානේ 
නිල් අහසේ තරු ගානේ 
සෙවූවෙමි මං මාව ....


ජීවිතේ අඩිපාරෙ 
මහා ලොකු සුබ සිහින 
මවා මගේ හිත ගාව 
නුඹ ගිහින් යන්නටම 
මගෙන් කොටසක් රැගෙන ....

2
තුරුණු විය එකළු කල මතක සැමරුම් අතර 
නතර වී හද දවන මගෙ දිළිඳු හිත ගාව
අපේ පෙම් කතාවේ අයනු ආයනු දන්න
පරණ ලී බැංකුවත් අසරණයි මා මෙන්ම 

විහඟ ගී වියැකිලා තුරු ගොමුත් මැලවිලා
කොළ වැටුණු පියගැටෙහි කිසිවෙකුත් නෑ ගියේ
අඳුර ඇත රජවෙලා ගිම්හානේ සිහිවෙලා
සිල් ගත්තු උයන් තෙර වල් වැදී සැඟවිලා

මතක මන්දිර දොරින් අවැසි මුත් පිට වෙන්න
හිතට ගින්දර තියන් කොතැන නම් සැඟ වෙම්ද
මගේ සුන්දර විලේ සත් පියුම් පුබුදන්න
එන්න පින්බර බිමක පැතුම් මල් වපුරන්න 
2
පහන් සිළු දල්වන්න 
ගන අඳුර දුරලන්න
හෙට දිනට පියඹන
සිහින පියාපත දෙන්න 

සංසාරේ පුරාවට
හුරු පුරුදු තැනඉන්න
පියඹලා නවතින්න
සිහින පියාපත දෙන්න

හීන මල් පුබුදන්න
සැබෑවට ලංවෙන්න
ලංවෙලා හිනැහෙන්න
සිහින පියාපත දෙන්න ~~~
කවි ලියන්න බැරි මම දැන් කොච්චර නම් කවි ලිව්වද 
ඒ කවි වල රහ බලන්න උඹ කොච්චර බෑ කිව්වද 
ලියන ලියන කවි ඔක්කොම වෝල් එකට මම දැම්මද 
ඒත් තාම ලයික් නැත්තේ උඹ තාමත් බැලුවේ නැද්ද ???
නුඹේ නෙතු පිය අසල ගැවසුන
පවන් රොද වී හිදින්නම්
නුඹේ දෙතොලේ නිතර ඇදෙනා
සිනාවක් වී රැදෙන්නම්
හදේ සුපිපුනු සෙනේ මල් මිට
නුඹේ පාමුල පුදන්නම්
භවෙන් භවයට පතා නුඹවම
නුඹේ හිත තුළ හිදින්නම්..
0

.
සිතේ ගුලිවෙච්ච... 
මහ මෙරක ආදරය... 
නුඹෙ සිතට දැනුනු කලෙක... 
ඇවිත් විදගන්න... 
හිත පුරා අදරය... 
මහ සයුර හා සමාන...
මා ලගට එන දවස...
කොපමනක් කල් උනත්...
උන්හැකිය මග බලන්...
පියෙවෙනතුරු මගෙ දෑස...
0
ජේත වනේ මිගදායේ 
බුදු වදනින් හිත පිරිච්ච 
නුඹේ මුතුන් මිත්තෝ එදා 
නිර්වානෙට පියනගලා ගොඩක්ම කල් දැන්

සංසාරේ කරාපු පව්
ගෙවා ගන්න අපි දෙන්නම
තවමත් මග ඇවිදිනවා
බුදුන් දැකලා නිවන් යන්න පාර හොයමු දැන් ~
2

වැරහැලි ගොමස්කඩ
මුවා කොට සිඟිති ගත 
එනමුදු පෙනෙයි විනිවිද 
නිල්මිණි දෙනයනේ අහිංසක බැල්මෙන් 
පවසයි දහක් දේ නුඹ නුඹ ගැනම 


සල් පිල් වල නෙක අරුමෝසම් 
රස කැවිලි රස නහර පිනා යන 
සීතලට ලබන්නට උණුසුම 
විල්ලුද බුමුතුරුනු නොව 
නුඹ පතන සොයන ඉල්ලන දේ 


පාන් කැබැල්ලක් සමග 
තේ කහට උගුරක්‌ 
කෙලෙස පිටුපා යම්ද
මා ද පියෙකි ඔබ හා සරි 
දුවකු සිටින ~~~~~
0
ශාප ලත් සෙනෙහසක 
හිමි අහිමිකම අතර 
දහසකුත් වේදනා 
හිමි උනා හදවතට ..

කිලිටි වූ පුදබිමක
පා තැබූ වරදකට
විඳිමි දඬුවම් මහද
සදාකල්හී නිබඳ ..

ප්‍රේමයට නිගා දුනි
නුඹේ රුදු වදන් පෙළ
කිළුටු කලෙ කිමැයි නුඹ
මහද සෙනෙහස් දෙවොල

අනවසර පුද බිමක
මල් පුදා කල පැතුම
සුනු විසුනු කල නුඹෙන්
කුමක් මා යදින්නද ??
0
පෙර ගෙවුන රාත්‍රියේ ඔබ සුරතේ මා වෙලී ...
නිහඬ නිසසල ලොවම වෙන්වෙලා අප කෙරෙන්
අපේ සෙනහස්‌ ගීයේ ස්වර සුසර හා වෙලී .....
මනෝමන්දිර තැනුවේ සඳ ළපළු යට පෙමින් 
0
හිතුමතේ දඟ කරන හිත් පොඩිය සන්සුන්ය 
නිසංසල ගහකොලද සිල් අරන් මා එක්ක
නොදැනුනත් මහා ගොඩක් දහම් පද ගැඹුරු වග 
දැනෙනවා මොනවදෝ සිල් සුවඳ මුසු වෙච්ච ....
0

ජිවිතයේ පියමන් කල පිය ගැට පෙළ කටුක
ඉතිරි උනේ මේ දකිනා අවසන් දුර මතක
ඉතින් අවසරයි දකින්න මගේ පුතේ ඔබව ~~
වැලි මළුවේ නුඹ ඉන්දහන් මන් එනතුරු දිනක

පුංචි කාලේ දවසක්දා බෝමලුවේ කොනක
සසර පුරුද්දට ඇහුවා බුදු පුතෙකුන් වෙන්න
එදා ඉඳන් මම දකින්නේ මගේ පුතේ නුඹව
සිල් ගන්නා දවසට නුඹ බණ කියනා අරුම

සංසාරෙන් එතෙර වෙලා මෙතේ බුදුන් ළඟම
බණ පදයක් කියා දියන් නුඹේ අම්මට පිනට
රහතන් උතුමන් වැඩි මේ පින් භුමිය තුලම
මිය යන කොට මට පේනවා පිරිත් කියන පුතුව ~~~

0
ජාතිය අඳුරු රැයකදී තනි වෙලා ඇතේ
දේශය රකින මග පෙන්වන අයෙකු නැතේ 
යන්නට නොදී හෙළයට හිස හැරුණු අතේ
සවියක් වෙලා යලි ඉපදෙනු ගැමුණු පුතේ 

ජාතිය නඟා සිටුවන්නට යුධ වැදුණු 
නුඹේ විරු අසිපතින් ජාතිය නීති රැකුණු 
ලෝකෙන් උතුම් රට යැයි එදා නම රැඳුනු
සයනෙන් නැගිට යලි එනු මැන දෙටු ගැමුණු 

ජාතිය මෙලෙස ගියෝතින් යලි යයි වැනසී 
හිඳීමීද කෙලෙස වාවාගෙන මම සැනසී
වේලු සුමන මම වෙමී ඔබ එනු සැරසී
වෙහෙර මවුන් හට සැතපෙනු දී සැනහී...
0
සිහිල් සුලගක් විය මන්ද මාරුතයේ..
සුමුදු රලපෙල විය චන්ඩ සයුරේ....
වැටෙන දිය දෝත විය ගලා යන මහ නදියේ
වැටෙන දිය දෝත විය වියලුනු මරු කතරේ..

සැලෙන සිනාව විය සිත නිවීයන ..
බලන බැල්ම විය වියලුනු ඔය දෑසේ..
දිලෙන තරුකැට විය ඔය ලොකු දෑසේ
සිත ඇදී නොයයි වෙනතක ..මේ ලෝකේ..

වැටෙන පිනිබිදුව නුබය නෙත් අග හැඩකරන
වැටෙන හිරු කිරන ඔබය මාවෙත එලිය දෙන
කාලය නිමය මගේ මේ ලියවිල්ලේ..
ලගදී හමුවී ..එනවා මා ...
ඔබව දකින්නට මගෙ අම්මේ...
Back to Top