ගත සිත තෙමාගෙන වහින වැස්ස සෝදන්න පුලුවන්ද නුඹට මගේ සිත ඉස්සරම ඉස්සර දවසක් නුඹට මතකද ? මම තෙමුනා මේ වැස්සටම ඈ එක්ක මේ වගේම ... එදා මා ළඟ උන්නු මගේ සිත අද්දර උන්නු ඒ අහිංසකාවි නුඹට මතකද ? මේ මහ වැස්සට බැරිද හෝදලා දාන්න ඒ මතකය මගේ මුළු හිතින්ම අද මම තනියම.. අනුකම්පාවක් නැද්ද නුඹට අද මා එක්ක වැස්සේ තෙමෙන්න වෙලාවක් නෑ ඈ ට අතේ කරේ පින්න ගත් දරුවෝ සමගිනුයි ඈ ඉන්නේ වැස්සක් නොදකින්න බලාගෙන එපා වැසි කියාගෙන අතු ගෙවුන පැල් පතේ දරුවන්ව රකින්නට නුඹෙන් එපා තව දුක් දෙන්න පෙර කරපු වැරදි මත සංසාරේ පතන්නට සපත උන ඈ කෙරේ මගේ සිතේ දුකක් නෑ මට ඇහැකි විඳින්නට කමා වී කරනු නොවසිනු අනෝරා මහා වැස්ස ..
Jan
9
2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment